ගලිගමුවේ බස් රථ දෙකක් එකිනෙක ගැටී දරුණු අනතුරක් (ඡායාරූප)

ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (21) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

කෑගල්ල, ගලිගමුව, අඹන්පිටිය ප්‍රදේශයේ අද (21) අලුයම 5.20ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ වේරගොඩ සිට කෑගල්ලට ධාවනය වූ ලංගම බස් රථයක්.

මෙම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙක් තුවාල ලබා ඇති බවයි කෑගල්ල පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූවන් කෑගල්ල සහ වරකාපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

519151512 4254399301469424 4999168072119755145 n
518949257 4254399214802766 6453143923805427510 n
519427380 4254399138136107 5132254143618899077 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?