සිංගප්පූරුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එරට රාජ්‍ය ආයතන ඇතුළු ප්‍රධාන පද්ධති ඉලක්ක කරගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
මෙම සයිබර් ප්‍රහාරය සිදුකළ පාර්ශවය UNC3886 ලෙස හඳුනාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ප්‍රහාරකයා නම් කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය කේ. ෂන්මුගම් පැවසුවේ සිංගප්පූරු රාජ්‍යය (APT) ක්‍රියාකාරීන්ගෙන් බරපතල තර්ජනවලට මුහුණ දී සිටින බවයි.
අමාත්‍යවරයා, UNC3886 හි අනුග්‍රාහකයින් හෙළි නොකළ නමුත් විශේෂඥයින් පවසා ඇත්තේ එම කණ්ඩායම චීනයට සම්බන්ධ බවටයි.
මැන්ඩියන්ට් නම් සයිබර් ආරක්ෂක සමාගම විසින් 2022 දී ප්‍රථම වරට අනාවරණය කරන ලද UNC3886 යනු චීනයට සම්බන්ධ සයිබර් ඔත්තු බැලීමේ කණ්ඩායමක් බවයි වාර්තා වන්නේ.
මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් එරට දුරකථන සමාගම්, තාක්ෂණ සංවිධාන, යටිතල පහසුකම් ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල පද්ධතිවලට බලපෑම් එල්ල වී තිබෙනවා.





