සිංගප්පූරුවට දරුණු සයිබර් ප්‍රහාරයක්

සිංගප්පූරුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට රාජ්‍ය ආයතන ඇතුළු ප්‍රධාන පද්ධති ඉලක්ක කරගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මෙම සයිබර් ප්‍රහාරය සිදුකළ පාර්ශවය UNC3886 ලෙස හඳුනාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රහාරකයා නම් කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය කේ. ෂන්මුගම් පැවසුවේ සිංගප්පූරු රාජ්‍යය (APT) ක්‍රියාකාරීන්ගෙන් බරපතල තර්ජනවලට මුහුණ දී සිටින බවයි.

අමාත්‍යවරයා, UNC3886 හි අනුග්‍රාහකයින් හෙළි නොකළ නමුත් විශේෂඥයින් පවසා ඇත්තේ එම කණ්ඩායම චීනයට සම්බන්ධ බවටයි.

මැන්ඩියන්ට් නම් සයිබර් ආරක්ෂක සමාගම විසින් 2022 දී ප්‍රථම වරට අනාවරණය කරන ලද UNC3886 යනු චීනයට සම්බන්ධ සයිබර් ඔත්තු බැලීමේ කණ්ඩායමක් බවයි වාර්තා වන්නේ.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් එරට දුරකථන සමාගම්, තාක්ෂණ සංවිධාන, යටිතල පහසුකම් ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල පද්ධතිවලට බලපෑම් එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46