ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ඓතිහාසික T20 ජයෙන් ඔද වැඩුණු බංගලීන් පාකිස්තානය දෙසටත් හැරෙයි

ජුලි මස 20 වැනි දින සිට ආරම්භ වීමට නියමිත පාකිස්තානයට එරෙහි බංග්ලාදේශ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සිය කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකිරීමට බංග්ලාදේශය ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

ඒ පසුගියදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති 20-20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ඓතිහාසික ජයක් වාර්තා කිරීමත් සමගින්.

මේ හේතුව මත තරග 03කින් යුත් පාකිස්තානයට එරෙහි 20-20 තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්ඩායම ම තරග බිමට එක් කිරීමටයි තීරණය කර ඇත්තේ.

පාකිස්තානය මේ වනවිටත් ඩකා නුවරට පැමිණ ඇති අතර ජූලි 20,22 හා 24 යන තෙදින තුළ තරග පැවැත්වෙනවා.

ලිටන් දාස් විදෙස් තරග සංචාරයක දී 20-20 තරගාවලි ජයක් ලබාදුන් පළමු බංග්ලාදේශ නායකයා බවට ද ශ්‍රී ලංකාවට එරෙහිව පත් වුණා.

පාකිස්තානයට එරෙහි T20I තරගාවලියට එක්වන බංග්ලාදේශ කණ්ඩායම පහතින්;

ලිටන් දාස් (නායක), ටැන්සිඩ් හසන්, පර්වේස් හොසේන් එමොන්, මොහොමඩ් නයිම්, තව්හිඩ් හ්‍රිඩෝයි, ජේකර් අලි, ෂමිම් හොසේන්, මෙහීදි හසන් මිරාස්, රිෂාඩ් හොසේන්, මහේදි හසන්, නසුම් අහමඩ්, තස්කින් අහමඩ්, ටස්කින් අහමඩ්, මුස්තාෆිසුර්ෆුල් හම්මන්, තස්ෆිසුර්ෆුල්හම්, ඉස්ලාම් සයිෆුදීන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?