ආරච්චිකට්ටුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති; කාන්තා උප පොලිස් පරීක්ෂකවරියගේ පහර කෑමට ලක්ව ඇති 17 හැවිරිදි තරුණයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව දසත ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.
පෙරේදා (16) පස්වරුවේ ආරච්චිකට්ටුව පොලිසිය තුළ දී මෙම පහරදීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.
පහරකෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව – දුම්රිය පොළ පාර පදිංචි ව සිටින 17 හැවිරිදි තරුණයෙක්.
පහරදීම සිදු කළ බව කියන කාන්තා උප පොලිස් පරීක්ෂකවරියගේ දරුවෙකු හලාවත නගරයේ ප්‍රසිද්ධ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින්
සිටිනවා.
එම සිසුවා සතුව තිබී දුම්වැටි පැකට්ටුවක් පාසලේ ගුරුවරයෙකු විසින් සොයා ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම අද (18) දිනට කල් තබා ඇති පාසලේ ගුරුවරුන් එතෙක් දරුවාට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දී තිබෙනවා.
මේ අතර, එම දුම්වැටි පැකට්ටුව තමන්ට දුන්නේ රෝහල්ගත වී සිටින තරුණයා බව උප පොලිස් පරීක්ෂකවරියගේ දරුවා සිය මවට පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.
උප පොලිස් පරීක්ෂකවරිය තමන්ව පොලීසියට කැඳවා පොලීසිය තුළ දී ම පහරදීම සිදු කළ බව රෝහල්ගත කර ඇති තරුණයා හලාවත මහා රෝහල් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.














Good . SSP can refer this case to the Consialation Board 314.CPC.