තම දරුවා පැවසූ දේට උරණ වූ පොලිස් මව තරුණයෙක්ට හොස්පිට්ල් යන්නම ගහලා

ආරච්චිකට්ටුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති; කාන්තා උප පොලිස් පරීක්ෂකවරියගේ පහර කෑමට ලක්ව ඇති 17 හැවිරිදි තරුණයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව දසත ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.

පෙරේදා (16) පස්වරුවේ ආරච්චිකට්ටුව පොලිසිය තුළ දී මෙම පහරදීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව – දුම්රිය පොළ පාර පදිංචි ව සිටින 17 හැවිරිදි තරුණයෙක්.

පහරදීම සිදු කළ බව කියන කාන්තා උප පොලිස් පරීක්ෂකවරියගේ දරුවෙකු හලාවත නගරයේ ප්‍රසිද්ධ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින්
සිටිනවා.

එම සිසුවා සතුව තිබී දුම්වැටි පැකට්ටුවක් පාසලේ ගුරුවරයෙකු විසින් සොයා ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම අද (18) දිනට කල් තබා ඇති පාසලේ ගුරුවරුන් එතෙක් දරුවාට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දී තිබෙනවා.

මේ අතර, එම දුම්වැටි පැකට්ටුව තමන්ට දුන්නේ රෝහල්ගත වී සිටින තරුණයා බව උප පොලිස් පරීක්ෂකවරියගේ දරුවා සිය මවට පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.

උප පොලිස් පරීක්ෂකවරිය තමන්ව පොලීසියට කැඳවා පොලීසිය තුළ දී ම පහරදීම සිදු කළ බව රෝහල්ගත කර ඇති තරුණයා හලාවත මහා රෝහල් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18