LTTE යට සහාය පළකළ බවට ගැරී ආනන්දසංගරීට චෝදනා – කැනඩා අගමැති තවමත් ගැරී ගැන විශ්වාසයෙන්

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකුට කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරීට චෝදනා එල්ල වී තිබෙනවා.

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් වන සෙන්තුරන් සෙල්වකුමාර් නැමැත්තෙකුට කැනඩාවේ පුරවැසිභාවය ගැනීමට සහය පළ කිරීම සඳහා ගැරී ආනන්දසංගරී විසින් ලිපි දෙකක් යොමු කර ඇති බවයි චෝදනා එල්ල වී ඇත්තේ.

කැනේඩියානු දේශ සීමා නියෝජිත ආයතනය වෙත අදාළ ලිපි 2016 සහ 2023 යන වසරවල දී යොමුකර ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බව එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන ඇති අතර, ඒ හේතුවෙන් අවස්ථා කිහිපයකදීම අදාළ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මානුෂීය කරුණු පිළිබඳ සලකා බලා සෙන්තුරන් සෙල්වකුමාර්ට කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලබාදීමට පියවර ගන්නා ලෙසයි ගැරී ආනන්දසංගරී අදාළ ලිපි මගින් ඉල්ලීම් කර ඇති බව සඳහන්.

ඒ අනුව ත්‍රස්ත සංවිධානයක සමාජිකයෙකුට සහාය ලබාදීම තුළින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ගැරී ආනන්දසංගරී ත්‍රස්තවාදයට සහය පළ කිරීමක් සිදුකර ඇති බවයි ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල දැක්වෙන්නේ.

මේ අතර මෙම චෝදනා සම්බන්ධයෙන් කැනේඩියානු මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වන බැවින් ඒ පිළිබඳ නිශ්චිත කරුණු දැක්වීමක් සිදුකළ නොහැකි බවයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙ අදහස් දක්වා සිටි කැනඩා අගමැති මාර්ක් කාර්නි සඳහන් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා කෙරෙහි තමාට තවමත් විශ්වාසයක් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32