අඩ නිරුවතින් ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ ගමන් කළ විදෙස් තරුණිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර නීතිමය පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්‍යය රුවන් රණසිංහ පවසනවා.
මහනුවර දී මාධ්‍ය හමුවක අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම සිදුවීම යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සමීප ව විමර්ශනය කෙරෙමින් සිටින බවයි.
මෙම තැනැත්තිය තායිලන්ත ජාතිකයෙක් බවත් ඇය ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් හෙළි ව තිබෙනවා.
මීට පෙර ද ආරුගම්බේ සංචාරක කලාපය තුළ බිකිණි ගැටලුවක් ඇති වූ බවත්, ඒ ගැන ද ජනතාව දැනුම්වත් කර ඇති බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
16
+1
1
+1
2
+1
1
+1





