අතිකාල දීමනා මුල්කරගෙන තැපෑල අද මැදියමේ සිට වර්ජනයක

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සියලුම තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වනවා.

සමස්ත ලංකා තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සභාපති චින්තක බණ්ඩාර පැවසුවේ, තැපැල් සේවය තුළ දිගු කාලයක සිට පවතින පුරප්පාඩු මීට හේතුව බවයි.

එම සේවක පුරප්පාඩු 2016 වසරේ සිට පැවත එන බවත්, මෙහෙයුම් අංශයට සිදු විය යුතු පාලන අංශයේ සේවා කටයුතුවල දීත් අතිකාල සේවා කටයුතුවලින් රාජකාරි ක්‍රියාවලිය ගෙන ගිය බවත්, එය දැඩි අර්බුදයක් බවත් තැපැල් වෘත්තීය සමිති චෝදනා කරනවා.

එමෙන්ම සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවීමේ ක්‍රමවේදය සංශෝධනයට ලක් කිරීම තුළින් එම සේවකයින් ද අපහසුතාවට ලක් ව ඇති බැවින් අතිකාල සේවා නොකර සිටීමටත් ජූලි 01 වැනි දින සිට තීරණය කෙරුණා.

මෙම අර්බුදය ගැන විෂයය භාර ඇමති මෙන් ම, ජනාධිපතිවරයාව ද දැනුම්වත් කළ ද මෙතෙක් ඊට විසඳුම් ලැබී නැති බවයි තැපැල් වෘත්තීය සංගම් පෙන්වාදෙන්නේ.

මේ හේතුව මත අද තැපැල් වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?