අතිකාල දීමනා මුල්කරගෙන තැපෑල අද මැදියමේ සිට වර්ජනයක

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සියලුම තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වනවා.

සමස්ත ලංකා තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සභාපති චින්තක බණ්ඩාර පැවසුවේ, තැපැල් සේවය තුළ දිගු කාලයක සිට පවතින පුරප්පාඩු මීට හේතුව බවයි.

එම සේවක පුරප්පාඩු 2016 වසරේ සිට පැවත එන බවත්, මෙහෙයුම් අංශයට සිදු විය යුතු පාලන අංශයේ සේවා කටයුතුවල දීත් අතිකාල සේවා කටයුතුවලින් රාජකාරි ක්‍රියාවලිය ගෙන ගිය බවත්, එය දැඩි අර්බුදයක් බවත් තැපැල් වෘත්තීය සමිති චෝදනා කරනවා.

එමෙන්ම සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවීමේ ක්‍රමවේදය සංශෝධනයට ලක් කිරීම තුළින් එම සේවකයින් ද අපහසුතාවට ලක් ව ඇති බැවින් අතිකාල සේවා නොකර සිටීමටත් ජූලි 01 වැනි දින සිට තීරණය කෙරුණා.

මෙම අර්බුදය ගැන විෂයය භාර ඇමති මෙන් ම, ජනාධිපතිවරයාව ද දැනුම්වත් කළ ද මෙතෙක් ඊට විසඳුම් ලැබී නැති බවයි තැපැල් වෘත්තීය සංගම් පෙන්වාදෙන්නේ.

මේ හේතුව මත අද තැපැල් වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04