මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් සමත් වුණා.
ඒ, කාන්තා කේවල අවසන් තරගයේ දී ඇමරිකාවේ ඇමැන්ඩා අනිසිමෝවා පරාජය කරමින්.
ඊගා ශ්වියොන්ටෙක් මෙම අවසන් තරගය ජයගත්තේ තරගය වට 02ට බිංදුවක් ලෙසටයි.
ලන්ඩන්හිදී පැවති තරගයේ වට දෙකම ශ්වියොන්ටෙක් ජය ගත්තේ ලකුණු 06ට බිංදුවක් ලෙසවීම විශේෂත්වයක්.
මේ වනවිට කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ රැදී සිටින ඊගා ශ්වියොන්ටෙක් ජයගත් පළමු විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ද මෙයයි.
මේ අතර 2021 වසරේ ඉතාලි විවෘත අවසන් තරඟයේ දී එම ලකුණු රේඛාවෙන්ම හිටපු අංක එකේ ක්‍රීඩිකා කැරොලිනා ප්ලිස්කෝවා පරාජය කිරීමට ස්වියාටෙක් සමත් වුණා.
මේ වසරේ පමණක්, දයානා යස්ට්‍රෙම්ස්කා (දෙවරක්), එමා රඩුකානු, බෙලින්ඩා බෙන්සික් සහ වික්ටෝරියා අසරෙන්කා ඇතුළු ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ස්වියාටෙක් හමුවේ තරගවට දෙකක දී ලකුණු 6-0 ලෙස පරාජයට පත් කර තිබෙනවා.





