විම්බල්ඩන් ශූරතාව පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක්ට

මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් සමත් වුණා.

ඒ, කාන්තා කේවල අවසන් තරගයේ දී ඇමරිකාවේ ඇමැන්ඩා අනිසිමෝවා පරාජය කරමින්.

ඊගා ශ්වියොන්ටෙක් මෙම අවසන් තරගය ජයගත්තේ තරගය වට 02ට බිංදුවක් ලෙසටයි.

ලන්ඩන්හිදී පැවති තරගයේ වට දෙකම ශ්වියොන්ටෙක් ජය ගත්තේ ලකුණු 06ට බිංදුවක් ලෙසවීම විශේෂත්වයක්.

මේ වනවිට කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ රැදී සිටින ඊගා ශ්වියොන්ටෙක් ජයගත් පළමු විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ද මෙයයි.

මේ අතර 2021 වසරේ ඉතාලි විවෘත අවසන් තරඟයේ දී එම ලකුණු රේඛාවෙන්ම හිටපු අංක එකේ ක්‍රීඩිකා කැරොලිනා ප්ලිස්කෝවා පරාජය කිරීමට ස්වියාටෙක් සමත් වුණා.

මේ වසරේ පමණක්, දයානා යස්ට්‍රෙම්ස්කා (දෙවරක්), එමා රඩුකානු, බෙලින්ඩා බෙන්සික් සහ වික්ටෝරියා අසරෙන්කා ඇතුළු ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ස්වියාටෙක් හමුවේ තරගවට දෙකක දී ලකුණු 6-0 ලෙස පරාජයට පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40