දෙවන 20-20 තරග අද – තරගාවලිය කල්තියාම ජයගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව තරග බිමට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (13) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරගයට පිවිසෙන අතර, මෙම තරගයට ජයගෙන තරගාවලියට යළි පිවිසීමේ අපේක්ෂාවෙන් බංග්ලාදේශය අද තරගය සඳහා පිවිසෙනවා.

මේ අතර දෙපිළම ඊයේ (12) දිනයේ දී දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිය අවසන් පුහුණු සැසි සඳහා එක්ව සිටියා.

අද තරගය සඳහා පළමු තරගය ක්‍රීඩක කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවට දඹුල්ලෙන් තොරතුරු වාර්තා වන අතර, පළමු තරගයෙන් පරාජය ලැබූවත් අද තරගයේ දී බංග්ලාදේශය එම කණ්ඩායම කෙරෙහිම විශ්වාසය තබනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ ප්‍රවේශ පත්‍ර සියල්ලම අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙරේදා දිනයේ දී නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?