එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ බවට සැකකෙරෙන අවි ආයුධ තොගයක් සොයා මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් ප්‍රදේශයේ භූගත බංකරයක කැනීම් ආරම්භ කර තිබෙනවා.
පොලිසිය සහ විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව මෙම කැනීම් කටයුතු ආරම්භකර ඇත්තේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයක් මතයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයින් භාවිත කළ බවට සැකකෙරෙන අවි ආයුධ තොගයක් සොයා මෙම භූගත බංකරයේ කැනීම් කටයුතු ඊයේ (10) දිනයේ ආරම්භ කරනු ලැබුවා.
විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ මගපෙන්වීම යටතේ බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් කැනීම් කටයුතු සිදුකරන අතර; පුරාවිද්‍යා නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් එම කටයුතු නිරීක්ෂණය කරනු ලබනවා.
අඩි විස්සක් පමණ ගැඹුරින් යුත් මෙම භූගත බංකරයට යුද සමයේ ආරක්ෂක අංශවලින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඊට ඇතුළුවන ස්ථාන විනාශ වී ගොස් තිබෙනවා.




