ආනයනික කිරිපිටි මිල ඉහළට – වෙළෙඳ ඇමතිවත් නොදන්න මිල නැගීම (වීඩියෝ)

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබෙනවා.

ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය මේ බව අද (10) නිවේදනය කර සිටියා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ යනු ඇති.

මේ අතර ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික පෙරමුණ දැඩි දෝෂාරෝපණයක් වත්මන් රජයට එල්ල කරනවා.

එම පෙරමුණේ සභාපති අසේල සම්පත් පෙන්වාදෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට සියයට 30ක තරම් අනිත් රටවලට සාපේක්ෂව අඩු තීරුබදු නිවේදනය කරන ලද මොහොතකත් රටේ වෙළෙඳ අමාත්‍යවරයා හා පාරිභෝගික අධිකාරිය හෝ දැනුවත් නොවී මෙලෙස කිරිපිටි මිල වැඩි වී ඇති බවයි.

එය හෙට උපදින බිළිඳාටත් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ටත් දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරන බවත් අසේල සම්පත් පෙන්වා දෙනවා.

කිරිපිටි මිල අඩු කිරීමට සමාගම්වලට තඩි නොබා කිරිපිටි සඳහා පනවන බදු ගාස්තු අඩු කිරීමක් සිදු කරන්නේ නම් කිරිපිටි මිලට යම් සහනයක් ලැබිය හැකි බවයි හෙතෙම වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

මේ අතර කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල ද සංශෝධනය වී තිබෙනවා.

සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ, කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ යනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31