ශ්‍රී ලංකා පා දඟ පන්දු ක්‍රීඩක වනිඳු හසරංගට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය ම අහිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.
වනිඳු ඊයේ (08) බංග්ලාදේශයට එරෙහිව පැවති අවසන් එක්දින තරගයේ දී පාදයේ ආබාධයකට ලක් වුණා.
නමුත් ඔහු පිටියෙන් ඉවත් වූයේ තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.
ඒ ලකුණු 35කට කඩුලු දෙකක් ද බිඳ හෙලමින්.
කෙසේවෙතත් වනිඳුගේ දකුණු පාදයේ කලවා කොටසේ මාංශ පේෂී පෙරළීමකට ලක් වීම මත වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ ක්‍රීඩා කිරීමට නුසුදුසු බවයි.
එබැවින් හෙටින් (10) ආරම්භ වන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය ම වනිඳුට අහිමි වනු ඇති.
ශ්‍රී ලංකා T20 කණ්ඩායමට ද චරිත් අසලංක නායකත්වය ලබා දෙනවා.
ඒ අනුව හෙට දිනයේ දී බංග්ලාදේශයට එරෙහි T20 සංචිතයට එක් ව ඇති ක්‍රීඩකයින් වන්නේ;
චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු හා එෂාන් මාලිංග යි.





