හෙටින් (10) ආරම්භ වීමට නියමිත බංග්ලාදේශයට එරෙහිව T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක වනිඳු හසරංග ගේ පැමිණීම අවිනිශ්චිත මට්ටමකට පැමිණ තිබෙනවා.
ඒ ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ඊයේ (08) පල්ලෙකැලේ දී නිමාවට පත් වූ බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේ දී පන්දුවට පහරදෙමින් සිටියදී වනිඳු මෙලෙස ආබාධයට ලක් වුණා.
නමුත් ඔහු තරගය අවසන් වන තෙක් ක්‍රීඩා කළ අතර කඩුලු 02ක් ද බිඳ දැමුවේ පාදයේ ඇති වූ මාංශ පේශී වේදනාවත් සමගින්.
වනිඳුගේ පාදයේ ආබාධය සම්බන්ධයෙන් MRI වාර්තාවක් ද කැඳවා ඇති අතර මේ හේතුවෙන් හෙට දින ඇරඹෙන පන්දුවාර 20 තරගාවලියට වනිඳු එක් නොවනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
4
+1
+1
2
+1
+1





