සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 27%ක් පාසල් දරුවන් ලෙස පසුගිය සමයේ සිට හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
කොළඹ, නාරාහේන්පිට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අද (08) පැවති මාධ්‍ය හමුවක දී විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මේ බව සඳහන් කළා.
එමෙන්ම පාසල් 226ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පැවසුවේ.
දිස්ත්‍රික්ක 16ක් මුල්කර ගනිමින් පසුගිය 30 වනදා ආරම්භ වූ ජාතික ඩෙංගු මර්ධන සතියේ දී මෙම පාසල් හඳුනාගැනීමට හැකිව තිබෙනවා.
මේ අතර ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පාසැල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් හෙට (09) දිනයේ දී ආරම්භ වනවා.
එමෙන්ම මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 30,228 දෙනෙක් සහ ඩෙංගු මරණ 16ක් වාර්තා වන බවයි වෛද්‍යවරිය සඳහන් කර සිටියේ.
ඒ, අනුව බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණ යන පළාත්වලින් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.





