ඩෙංගු රෝගීන්ගෙන් 27%ක් පාසල් දරුවන් – පාසල් 226ක් මදුරුවන් බෝ කරලා

සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 27%ක් පාසල් දරුවන් ලෙස පසුගිය සමයේ සිට හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

කොළඹ, නාරාහේන්පිට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අද (08) පැවති මාධ්‍ය හමුවක දී විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මේ බව සඳහන් කළා.

එමෙන්ම පාසල් 226ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හ‍ඳුනාගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පැවසුවේ.

දිස්ත්‍රික්ක 16ක් මුල්කර ගනිමින් පසුගිය 30 වනදා ආරම්භ වූ ජාතික ඩෙංගු මර්ධන සතියේ දී මෙම පාසල් හඳුනාගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පාසැල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් හෙට (09) දිනයේ දී ආරම්භ වනවා.

එමෙන්ම මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 30,228 දෙනෙක් සහ ඩෙංගු මරණ 16ක් වාර්තා වන බවයි වෛද්‍යවරිය සඳහන් කර සිටියේ.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණ යන පළාත්වලින් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14