රුපියල් මිලියන 16ක කේරළ ගංජා තොගයක් කැලෑවකින් මතුවෙයි

යාපනය – මාමුනෛ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 71යි ග්‍රෑම් 400ක තොගයක් සොයා ගැනීමට හැකි ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, උතුරු නාවික විධානයේ නිලධාරීන් හා මරදන්කේනි පොලිස් නිලධාරීන් පිරිසක් එක් ව මෙම මෙහෙයුම සිදු කර ඇති බවයි.

එහිදී සොයා ගැනුණු කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 16ක් පමණ වන බවත් වාර්තා වනවා.

මෙම කේරළ ගංජා තොගය මළු 04කට දමා තිබී ඇති බවත් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට රැගෙන විත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී නාවික හමුදාව දැක, අසල ළැහැබක දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේනි පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32