යාපනය – මාමුනෛ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 71යි ග්‍රෑම් 400ක තොගයක් සොයා ගැනීමට හැකි ව තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, උතුරු නාවික විධානයේ නිලධාරීන් හා මරදන්කේනි පොලිස් නිලධාරීන් පිරිසක් එක් ව මෙම මෙහෙයුම සිදු කර ඇති බවයි.
එහිදී සොයා ගැනුණු කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 16ක් පමණ වන බවත් වාර්තා වනවා.
මෙම කේරළ ගංජා තොගය මළු 04කට දමා තිබී ඇති බවත් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට රැගෙන විත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී නාවික හමුදාව දැක, අසල ළැහැබක දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේනි පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.





