ජනාධිපති අරමුදලෙන් දකුණු පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය නිලධාරීන්ට වැඩමුළුවක්

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ දකුණු පළාත් වැඩමුළුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත් වුණා.

ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබාදීමේ සේවාවෙහි අයදුම්පත් භාරගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමඟ ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට ජනාධිපති අරමුදල පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු සහ ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරින් වෙනුවෙන් සිදුකරන විශේෂ පුහුණු වැඩමුළු මාලාවක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අතර, එය පසුගිය දා උතුරු පළාතෙන් ආරම්භ කෙරුණා.

එහි තුන් වන අදියර ලෙස දකුණු පළාත් වැඩසටහන ඊයේ (05) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ විසින් මෙහිදී පැමිණි සිටි පිරිස දැනුවත් කළා.

පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය පිළිබඳව මෙන්ම වෛද්‍යාධාර අයදුම්පතක් භාරගැනීමේ සිට අනුමැතිය දක්වා සිදුවන ක්‍රියාවලිය සහ අනුමත වීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳව ද ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙහිදී පැහැදිලි කළා.

එමෙන්ම, විෂය නිලධාරින් මුහුණ දෙන ගැටලු සහ ඒවාට ලබාදිය හැකි පිළියම් ද සාකච්ඡා කෙරුණු අතර, සහභාගීත්වය වෙනුවෙන් විෂය භාර නිලධාරින් වෙත සහතික පත් ප්‍රදානය කිරීමද සිදු කෙරුණා.

දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ අය ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබාදෙන සහනාධාර ඇතුළු සේවාවන් රැසක් මේ වන විට ජනාධිපති අරමුදලින් සැපයෙනවා.

වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයදුම් කිරීමට මෙම නව වැඩසටහන යටතේ ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වී තිබෙනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාදීම මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙයින් අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමගින් සීමාවනවා.

මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් සිල්වා යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය නිලධාරින් 100කට අධික පිරිසක් සහ ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14