පසුගියදා කහවත්තේ තරුණයෙකුට වෙඩි තබා ඝාතනයෙන් පසු, අද (03) පස්වරුවේ එම තරුණයාගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු වුණා.
නමුත් එම අවස්ථාවේ දී පොලිසිය සහ ගම්මුන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කහවත්ත – පලංසූරියගම ප්‍රදේශයේ දී ඩුබායි හි සැඟව සිටිනවා යැයි පැවසෙන අමිත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවස ඉදිරිපිටට ආ ප්‍රදේශවාසීන් පාලනය කිරීමට පොලිසියට මැදිහත් වීමට සිදු ව තිබෙනවා.
පසුව එම තත්ත්වය උණුසුම්කාරී වාතාවරණයකට පරිවර්තනය වීමත් සමග පොලිසිය විසින් ජනතාවට කඳුලු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
4
+1
2
+1
1
+1
5
+1
3















