තනි සටනක යෙදුණු අලීගේ මහන්සිය අපතේ යැවූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 77කින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් ලැබීමට ඊයේ (02) රාත්‍රියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

එක්දින තරග 03කින් සමන්විත බංග්ලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ පස්වරුවේ ආරම්භ වූයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක පළමු ව පිතිකරණය තෝරා ගත්ත ද, සිතූ තරම් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට තරගයේ පිතිකරණය නම් සුබ වූයේ නැහැ.

ඒ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස් අඩු ලකුණුවලට දැවී යාම හේතුවෙන්.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් වැටුණු ඉනිම කුසල් මෙන්ඩිස් සමග එක් ව ගොඩනැගූ චරිත් අසලංක ලකුණු 106ක් රැස් කළේ ජාත්‍යන්තර එක්දින දිවියේ 05 වැනි ශතකය ද වාර්තා කරමින්.

කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් සහ ජනිත් ලියනගේ ලකුණු 29ක් රැස් කළා.

මිලාන් රත්නායක ලකුණු 22යි.

කඩුලු බිඳ දැමීමේ දී ටස්කින් අහමඩ් කඩුලු 04ක්, ටන්සිම් හසන් කඩුලු 03ක් සහ ටන්වීර් ඉස්ලාම් හා ශන්තෝ එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 245ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ප්‍රවේස් හොසේන් හා ටන්සීර් හසන් අතරේ පළමු කඩුල්ලට ලකුණු 29ක සබඳතාවක් ගොඩනැගුණු අතර එය අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ ප්‍රවේස් දැවී යාමෙන් පසු බිඳ වැටුණා.

නමුත් ඉන් නොනැවතුණ ටන්සීර් හසන් හා ශන්තෝ එක් ව දෙවැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගුවා.

ඒ වනවිට ද බංග්ලාදේශ ඉනිම දැක්වුණේ ලකුණු 100ට එක් කඩුල්ලක් ලෙසයි.

තරගය ජයග්‍රහණයේ වැඩි වාසියක් ඒ වනවිටත් බංග්ලාදේශය දෙසට හැරී තිබුණු පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට පන්දු රැකීම තුළ දී මිලාන් රත්නායක කඩිනමින් කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් වෙත එවූ පන්දුවෙන් ශන්තෝ දුවද්දී දැවී යාමකට හසු වීම බංග්ලාදේශයෙන් ජයග්‍රහණය උදුරා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එතැන් සිට තරගය සම්පූර්ණයෙන් ම වෙනස් කළ ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය බංග්ලාදේශ පිතිකරුවන්ව අසරණ කිරීමට පටන් ගත්තේ ලකුණු 07ක් පමණක් ලබාදෙමින් කඩුලු 07ක් ම ඩැහැ ගනිමින් වීම ද විශේෂත්වයක්.

පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 10කට කඩුලු 04ක් බිඳ හෙලුවා.

ඊට අනගි සහායක් දුන් කමිඳු මෙන්ඩිස් ලකුණු 19කට කඩුලු 03ක් බිඳ හෙලූ අතර, මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග මෙතෙක් ඉතිහාසයේ පවත්වා ඇති එක්දින තරග 58න් සිය මව්බිමේ දී දිනූ 21 වැනි තරග ජයත් වාර්තා කරමින්.

අවසන් මොහොත දක්වා සටන අත් නොහැරි ජකර් අලී ලකුණු 51ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 04ක් හා හතරේ පහර 04ක් ද එල්ල කරමින්.

කෙසේ වුවත් එම ලකුණු ප්‍රමාණය තරගය ලැජ්ජාවෙන් බේරීමට ප්‍රමාණවත් වුව ද ජයග්‍රහණයකට නම් ප්‍රමාණවත් වුණේ නැහැ.

බංග්ලාදේශය වෙනුවෙන් ටන්සිඩ් හසන් ලකුණු 62ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ නායක චරිත් අසලංකට හිමිවුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය එළඹෙන 05 වැනිදා පැවැත්වීමට නියමිතයි.

  1. සනත් ගේ උපද්ශකත්වයේ සැබෑ හරය හා චරිත් අසංක නම් සැබෑම දක්ෂයා ගේ නායකත්වය,සෙසු ක්‍රීඩකයන්ගේ උනන්දුව ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කලා.ඉදිරියටත් එසේම වේවා.කෙටි කලකින් ලොව අංක 01 වීමට ලැබේවායි සුභපතනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32