යාපනයේ වායු දූෂණ නඩුවේ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කෙරේ – වායු දූෂණය ගැනත් තහවුරු වෙයි

යාපනය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණ තත්ත්වය දිගින් දිගටම පැවතීම සුදුසු නැති බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස සියලු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, වායු දූෂණය අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් සකස් කරන බවට නීතිපතිවරයා අද (01) අභියාචනාධිකරණයට දැනුම් දුන් බවයි.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා ද අසතුටුදායක තත්ත්වයක පැවතීම හේතුවෙන් සියලු වගඋත්තරකරුවන්ට වගකීම් සහිතව වැඩ කරන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කළා.

යාපනය අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පරිසර අමාත්‍යවරයා යාපනය මහනගර සභාව, එහි සභාපති සහ කොමසාරිස්, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යාපනයේ පදිංචිකාරියක වන වෛද්‍ය උමා සුකී නඩරාජා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසුරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

යාපනය අර්ධද්වීපයේ වායු ගුණත්වය පිළිබඳව පුරා මාසයක් සමීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර අභියාචනාධිකරණය විසින් මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබුණා.

එම නියෝගයට අනුව අදාළ සමීක්ෂණ වාර්තාව නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සමීක්ෂණ වාර්තාව පිරික්සීමේ දී යාපනය අර්ධද්වීපයේ වායුව තුළ සම්මත මට්ටම අභිබවා ගිය අහිතකර සංඝටක ප්‍රමාණයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කියා සිටියා.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ, යාපනය අර්ධද්වීපය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවන බවත්, ඒ සඳහා විදේශීය ආයතන සහ සංවිධානවලින් ද ප්‍රතිපාදන ලබාගෙන එම කටයුතු ඉටු කිරීමට සැලසුම් කර ඇති බවත්, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දන්වා සිටියා.

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය ඉදිරියේ දී වාර්තා කරන ලෙසත් අධිකරණය විසින් පාර්ෂවකරුවන්ට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම යළි සැප්තැම්බර් මස 19 වැනිදා යළි කැඳවීමට නියම කෙරුණා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ යාපනය අර්ධද්වීපය තුළ බැහැර කරන විවිධ අහිතකර ද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වැසි රාජ්‍යයන්ගෙන් ඇදී එන අහිතකර සංඝටක හේතුවෙන් අර්ධද්වීපය තුළ පවතින වායු ගුණත්වය පහළ වැටී තිබෙන බවයි.

මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කළත් වායු ගුණත්වය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය වන පිළිවෙළක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් යාපනය අර්ධද්වීපයේ වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18