ඖෂධ කම්හලක දැවැන්ත පිපිරුමක් – 42කට මරු කැඳවයි

ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පිහිටි ඖෂධ කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක් සිදු ව තිබෙනවා.

hindustantimes.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඊයේ (30) රාත්‍රියේ මෙම පිපිරීමට ලක් ව ඇත්තේ සංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ පිහිටි පශමිලරාම් කාර්මික වතුයායේ පිහිටි ඖෂධ කම්හලක්.

මෙම පිපිරීමට හේතුව ප්‍රබල ප්‍රතික්‍රියාකාරක ද්‍රව්‍යයක් බවත් වාර්තාවනවා..

පිපිරීමත් සමග කර්මාන්ත ශාලාවේ සිටි කම්කරුවන් ව මීටර් 100ක් පමණ ඈතට විසි වූ බව ද ඇසින් දුටු සාක්ෂිකරුවන් මාධ්‍යයට පවසා තිබෙනවා.

තෙලන්ගානා සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පිපිරීම සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 90ක් පමණ සිටි බවත්, එය ඉතා බලවත් වූ බැවින් සමහර සේවකයින් එම ස්ථානයේ සිට මීටර් 100 ක් පමණ දුරකට විසි කළ බවත්ය.

පිපිරීමෙන් පසු ව කර්මාන්ත ශාලාව ඇතුළත සිර වී සිටින පුද්ගලයින් බේරා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බවත්, 42 දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් ප්‍රාන්ත පොලිසිය තහවුරු කළා.

සවුත් ෆස්ට් පුවත්පතට අනුව, මෙම කර්මාන්ත ශාලාවේ සේවය කළ බොහෝ දෙනෙක් ඔඩිෂා, උත්තර් ප්‍රදේශ් සහ අනෙකුත් ප්‍රාන්තවලින් පැමිණි සංක්‍රමණික කම්කරුවන් බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23