පයාගල පොලිස් වසමේ මග්ගොන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේ දී ගණිකා නිවාසක් කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු 51 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර කාන්තාවන් තිදෙනා 23 ත් 32 ත් අතර වයස්වල පසුවන අය බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
මොවුන් බේරුවෙල, අහුන්ගල්ල, කඩවත හා හිඟුරාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





