ගණිකා නිවාසයක් පයාගලින් වටලයි – කළමණාකරු සහ කතුන් තුනක් අත්අඩංගුවට

පයාගල පොලිස් වසමේ මග්ගොන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේ දී ගණිකා නිවාසක් කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 51 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර කාන්තාවන් තිදෙනා 23 ත් 32 ත් අතර වයස්වල පසුවන අය බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මොවුන් බේරුවෙල, අහුන්ගල්ල, කඩවත හා හිඟුරාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
8
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:38
Video thumbnail
ලොරියක ගැටුණු ඩිෆෙන්ඩර් රථය කුඩේ කුඩු
00:43
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
00:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
01:00
Video thumbnail
පච කියලම ජනාධිපතිගේ මූණ කළුවෙලා - නාමල්ට හොඳටම හිනා
12:41
Video thumbnail
දේශපාලන ප්‍රබලයෝ රැසක් පෝලිමට හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
04:28
Video thumbnail
තනියෙන් ආ හඳුන්නෙත්ති, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
02:05