තංගල්ල – පරවිවැල්ල වරායෙන් මුහුදු ගොස් ඊයේ (28) රාත්‍රියේ ගොඩබිමට පැමිණෙමින් සිටිය දී අනතුරට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීම සඳහා ගුවන් හමුදා KA-350 බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවා තිබෙනවා.
මෙම බහුදින ධීවර යාත්‍රාව අනතුරට ලක්වන විට එහි ධීවරයින් හයදෙනෙක් සිට ඇති අතර, ඉන් සිව්දෙනෙකුට දිවි බේරාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.
ධීවරයින් හයදෙනා සමඟ මෙම බහුදින ධීවර යාත්‍රාව පෙරේදා දින මුහුදු ගොස් ඇති අතර, එහි සිටි එක් ධීවරයෙකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් යාත්‍රාව හදිසියේම ඊයේ (28) රාත්‍රියේ ගොඩබිමට පැමිණ තිබෙනවා.
එලෙස පැමිණෙමින් සිටින අතර තුර යාත්‍රාව ගල් පරයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බවයි එහි හිමිකරු අප කළ විමසීමක දී සඳහන් කළේ.
අනතුරට පත් යාත්‍රාව මේ වනවිට ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.





