ශානි සී.අයි.ඩී මුල් පුටුවට ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ශානි අබේසේකර පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඒ, සඳහා වන යෝජනාව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම යෝජනාව සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.

කොන්ත්‍රාත් පදනම යළිත් පොලිස් සේවයට බඳවා ගත් ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලැබුවා.

වසරක සේවා කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනමින් එම පත් කිරීම සිදුකර තිබෙනවා.

මේ අතර ශානි අබේසේකර මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

එම කාලය තුළ දී ඔහු විමර්ශන රැසක් සාර්ථකව සිදුකළ දක්ෂ විමර්ශකයෙක් ලෙසයි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38