පිදුරු සිරවීමෙන් එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේ ම ගමන අත්හිටුවයි

ගුවන් යානයක පියාපත්වා පිදුරු සිරවීම හේතුවෙන් පැය 05කට අධික කාලයක් එම යානය ප්‍රමාද වීමේ පුවතක් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස දෝෂයට ලක් ව ඇත්තේ බැංකොක් බලා පියාසර කරමින් සිටි එයාර් ඉන්දියා ගුවන් යානයක් බවයි.

මේ හේතුවෙන් අදාළ ගුවන් යානය මුම්බායි හි පැය 05කට අධික කාලයක් රඳවා තබා තිබෙනවා.

ගුවන් සමාගම මෙම ගැටලුව නිරාකරණය කිරීමෙන් පසු අවසානයේ ගුවන් යානය මෙහෙයුම් සඳහා අවසර ලබා දුන් බව එයාර් ඉන්දියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

PTI ප්‍රවෘත්ති ඒජන්සිය විසින් flightradar24.com ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියෙන් ලබාගත් දත්තවලට අනුව, එයාර් බස් A320Neo ගුවන් යානයක් වන AI 2354 – මුම්බායි ගුවන් තොටුපළෙන් උදෑසන 7.45 ට පිටත් වීමට නියමිතව තිබුණු බව වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගුවන් යානය පියාසැරිය ආරම්භ කර ඇත්තේ අලුයම 1 ට පමණ බවත් සඳහන්.

ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් මෙය තහවුරු කළ අතර, එහි සඳහන් වූයේ, “2025 ජුනි 25 වන දින මුම්බායි සිට බැංකොක් දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ AI2354 යානයේ වම් තටුවට පහළින් පිදුරු සිරවී තිබීම නිසා එය අත්හිටුවන ලදී” යනුවෙන්.

මෙම ගැටළුවෙන් පසු, මගීන්ට ගුවන් යානයෙන් බැස යන ලෙස ඉල්ලා සිටි අතර එම මගීන්ට සංග්‍රහ කිරීමක් ද ගුවන් සමාගමෙන් සිදු ව තිබෙනවා.

කෙසේ වෙතත්, පියාපත්වල සිරවී ඇති පිදුරු වර්ගය කුමක්දැයි මෙතෙක් හඳුනාගත නොහැකි බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?