පිදුරු සිරවීමෙන් එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේ ම ගමන අත්හිටුවයි

ගුවන් යානයක පියාපත්වා පිදුරු සිරවීම හේතුවෙන් පැය 05කට අධික කාලයක් එම යානය ප්‍රමාද වීමේ පුවතක් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස දෝෂයට ලක් ව ඇත්තේ බැංකොක් බලා පියාසර කරමින් සිටි එයාර් ඉන්දියා ගුවන් යානයක් බවයි.

මේ හේතුවෙන් අදාළ ගුවන් යානය මුම්බායි හි පැය 05කට අධික කාලයක් රඳවා තබා තිබෙනවා.

ගුවන් සමාගම මෙම ගැටලුව නිරාකරණය කිරීමෙන් පසු අවසානයේ ගුවන් යානය මෙහෙයුම් සඳහා අවසර ලබා දුන් බව එයාර් ඉන්දියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

PTI ප්‍රවෘත්ති ඒජන්සිය විසින් flightradar24.com ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියෙන් ලබාගත් දත්තවලට අනුව, එයාර් බස් A320Neo ගුවන් යානයක් වන AI 2354 – මුම්බායි ගුවන් තොටුපළෙන් උදෑසන 7.45 ට පිටත් වීමට නියමිතව තිබුණු බව වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගුවන් යානය පියාසැරිය ආරම්භ කර ඇත්තේ අලුයම 1 ට පමණ බවත් සඳහන්.

ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් මෙය තහවුරු කළ අතර, එහි සඳහන් වූයේ, “2025 ජුනි 25 වන දින මුම්බායි සිට බැංකොක් දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ AI2354 යානයේ වම් තටුවට පහළින් පිදුරු සිරවී තිබීම නිසා එය අත්හිටුවන ලදී” යනුවෙන්.

මෙම ගැටළුවෙන් පසු, මගීන්ට ගුවන් යානයෙන් බැස යන ලෙස ඉල්ලා සිටි අතර එම මගීන්ට සංග්‍රහ කිරීමක් ද ගුවන් සමාගමෙන් සිදු ව තිබෙනවා.

කෙසේ වෙතත්, පියාපත්වල සිරවී ඇති පිදුරු වර්ගය කුමක්දැයි මෙතෙක් හඳුනාගත නොහැකි බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39