දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති දෙරටේ ඇති සමානාත්මතාව ගැන පෙන්වාදෙයි

මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) සමඟ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත් තම රජයේ කැපවීම මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුව ද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතීන් පැවතීම හේතුවෙන් දෙරටෙහි ඇති සමානත්වය පෙන්වා දුන් තාබෝ ම්බෙකි මහතා විවිධත්වයකින් යුත් ජන කණ්ඩායම් එක් මාවතකට ගැනීමේ දී, දකුණු අප්‍රිකාව ආශ්‍රයෙන් තමා උගත් පාඩම් සහ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සූදානම් බව ද පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?