දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති දෙරටේ ඇති සමානාත්මතාව ගැන පෙන්වාදෙයි

මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) සමඟ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත් තම රජයේ කැපවීම මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුව ද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතීන් පැවතීම හේතුවෙන් දෙරටෙහි ඇති සමානත්වය පෙන්වා දුන් තාබෝ ම්බෙකි මහතා විවිධත්වයකින් යුත් ජන කණ්ඩායම් එක් මාවතකට ගැනීමේ දී, දකුණු අප්‍රිකාව ආශ්‍රයෙන් තමා උගත් පාඩම් සහ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සූදානම් බව ද පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26