මැදපෙරදිග යුද්ධයෙන් පසු ගුවන් ගමන් ගැන නවතම තත්ත්වය හෙළි වෙයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් ගමන් ඊයේ (24) දින සවස 05.00 වනවිට සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

මේ පිළිබඳ කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවේ, කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිත ගුවන් ගමන් මෙහෙයුම් 80% ක් සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති බවයි .

එහෙත් කටාර් ගුවන් සේවයේ ගුවන් ගමන් මෙහෙයුම් මේ වනවිටත් යථා තත්ත්වයට පත් වී නොමැති බවත්, එයට කටාර් ගුවන් යානා කාර්යය මණ්ඩල සහ දෝහා ගුවන් තොටුපොළ භූමි මෙහෙයුම් අංශවල නිලධාරීන් තවමත් අවශ්‍යතා පරිදි සේවය සඳහා වාර්තා නොකිරීම හේතු වී ඇති බවත් රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවා.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා පැවසුවේ, විකල්ප ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා සියල්ලම මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, යළි ගුවන් ගමන් මෙහෙයුම් සඳහා ඒවා අනුයුක්ත කර ඇති බවයි .

විකල්ප ගුවන් ගමන් මාර්ග භාවිතා කිරීම, ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු වීම නිසා ඇතැම් විට සුළු වශයෙන් ගුවන් ගමන් ප්‍රමාද වීමක් ඇති වුව ද අද (25) දින වනවිට සියලුම ගුවන් ගමන් නියමිත කාලසටහනට අනුව ධාවනය කිරීමට හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?