පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑමවල මිල බස්සයි

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ, එම කාරක සභාවේ සභාපති කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව 2025.05.23 දිනැති තීරණය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4.000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරුණා.

කෙසේ වුවත් මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් මෙම කාරක සභාවේදී දීර්ඝ ලෙස සලකා බැලුණු අතර, ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,000ක් වශයෙන් අය කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

මෙම නව මිල ගණන් 2025.07.01 දින සිට ක්‍රියාත්මක වනවා.

එමෙන්ම 2025.05.23 දින එම කාරක සභාව තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදීගනු ලබන මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහාවන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් වැඩිදුරටත් තීරණය කර තිබෙනවා.

මේ අතර නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ එක් කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වුණා.

මේ වනතෙක් මෙම නිවාඩු නිකේතනය වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වූ අතර කතානායකවරයාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ලේ ඇති එක් කෙටසක් මේ ආකාරයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කර ගැනීමට ඉදිරියේදී අවස්ථාව හිමිවනු ඇති.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු වූ අතර, පාර්ලිමේන්තු රැස්වීම් දිනයන්හි දී පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම්කර දීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?