පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑමවල මිල බස්සයි

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ, එම කාරක සභාවේ සභාපති කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව 2025.05.23 දිනැති තීරණය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4.000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරුණා.

කෙසේ වුවත් මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් මෙම කාරක සභාවේදී දීර්ඝ ලෙස සලකා බැලුණු අතර, ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,000ක් වශයෙන් අය කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

මෙම නව මිල ගණන් 2025.07.01 දින සිට ක්‍රියාත්මක වනවා.

එමෙන්ම 2025.05.23 දින එම කාරක සභාව තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදීගනු ලබන මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහාවන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් වැඩිදුරටත් තීරණය කර තිබෙනවා.

මේ අතර නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ එක් කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වුණා.

මේ වනතෙක් මෙම නිවාඩු නිකේතනය වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වූ අතර කතානායකවරයාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ලේ ඇති එක් කෙටසක් මේ ආකාරයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කර ගැනීමට ඉදිරියේදී අවස්ථාව හිමිවනු ඇති.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු වූ අතර, පාර්ලිමේන්තු රැස්වීම් දිනයන්හි දී පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම්කර දීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

  1. ගේදරින් ගේනත් කන්න බැරිද
    ලංකාවේ ඕන තරන් මිනිස්සූ රාජකාරියට දිනපතා පිට පලාත්වල සිට රාජකාරියට කෝලබට පැමිනේනවා ඒමිනිස්සූ ගේදරින් කෑම ගේනවා ඌබලට සැප වැඩී ඌබලගේ කෑම මිල වැඩිකරාට කමක් නෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24