සෑම ඇමරිකානුවෙක්ම ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයක් වී අවසන් – ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමරිකානු ප්‍රහාර එල්ලවීමෙන් පසු මැදපෙරදිග සිටින සෑම ඇමරිකානු පුරවැසියෙකුම හෝ හමුදා නිලධාරියෙකුම මේ වනවිට ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයක් වී ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය අනතුරු අඟවා තිබෙනවා.

ඉරාන රාජ්‍ය රූපවාහිනියේ නිවේදකයෙක් සජීවී වැඩසටහනක දී පවසන්නේ ඉරානයේ පහසුකම්වලට බෝම්බ හෙළීමෙන් ඇමරිකාව ආරම්භ කළ ගැටුම ඉරානය අවසන් කරන බවයි.

“ඉරානයේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීමෙන් එක්සත් ජනපදය ඉරානයට එරෙහිව අපරාධයක් කර ඇත. එයට බටහිර ආසියානු කලාපයේ කිසිදු ස්ථානයක් නොමැත. එක්සත් ජනපද ජනාධිපතිතුමනි, ඔබ එය ආරම්භ කළ අතර අපි එය අවසන් කරන්නෙමු.” යනුවෙන් එම නිවේදකයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඇමරිකානු හමුදා ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට පහර දීමෙන් පසුව මෙම තර්ජන එල්ල වූ අතර, සාමයට එකඟ නොවන්නේ නම් එය වඩාත් විනාශකාරී ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවන බවට ජනාධිපති ට්‍රම්ප් ටෙහෙරානයට අනතුරු අඟවනු ලැබුවා.

ඉරානයේ ෆෝර්ඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන්වල පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊය රාත්‍රියේ මෙම ප්‍රහාර එල්ල වූ අතර අති නවීන B2 ප්‍රහාරක යානා 06ක් මෙම ප්‍රහාරයට එක්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18