සෑම ඇමරිකානුවෙක්ම ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයක් වී අවසන් – ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමරිකානු ප්‍රහාර එල්ලවීමෙන් පසු මැදපෙරදිග සිටින සෑම ඇමරිකානු පුරවැසියෙකුම හෝ හමුදා නිලධාරියෙකුම මේ වනවිට ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයක් වී ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය අනතුරු අඟවා තිබෙනවා.

ඉරාන රාජ්‍ය රූපවාහිනියේ නිවේදකයෙක් සජීවී වැඩසටහනක දී පවසන්නේ ඉරානයේ පහසුකම්වලට බෝම්බ හෙළීමෙන් ඇමරිකාව ආරම්භ කළ ගැටුම ඉරානය අවසන් කරන බවයි.

“ඉරානයේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීමෙන් එක්සත් ජනපදය ඉරානයට එරෙහිව අපරාධයක් කර ඇත. එයට බටහිර ආසියානු කලාපයේ කිසිදු ස්ථානයක් නොමැත. එක්සත් ජනපද ජනාධිපතිතුමනි, ඔබ එය ආරම්භ කළ අතර අපි එය අවසන් කරන්නෙමු.” යනුවෙන් එම නිවේදකයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඇමරිකානු හමුදා ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට පහර දීමෙන් පසුව මෙම තර්ජන එල්ල වූ අතර, සාමයට එකඟ නොවන්නේ නම් එය වඩාත් විනාශකාරී ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවන බවට ජනාධිපති ට්‍රම්ප් ටෙහෙරානයට අනතුරු අඟවනු ලැබුවා.

ඉරානයේ ෆෝර්ඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන්වල පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊය රාත්‍රියේ මෙම ප්‍රහාර එල්ල වූ අතර අති නවීන B2 ප්‍රහාරක යානා 06ක් මෙම ප්‍රහාරයට එක්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
10
+1
5
+1
8
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?