දුන්හිඳ බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් බලන්න නියෝජ්‍ය ඇමති රෝහලට (ඡායාරූප)

බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්ව තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 31 දෙනෙකු තුවාල ලැබුවා.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ දී රථය ධාවනය කර ඇත්තේ රිය සහායකයා බවයි පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර ඊයේ (21) සිදුවූ අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඊයේ දිනම බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණ තිබෙනවා.

තුවාල ලැබූවන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදුකිරීමට රජය කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

විනෝද චාරිකාවක් පැමිණි අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක් වූ අතර, අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

මේ අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා හෙට (23) දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

පොලිසිය සඳහන් කළේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවන්නට ඇති බවයි.

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් බදුල්ල රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මෙම අනතුර සිදුවූ ස්ථානයේදීම මීට පෙර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ සිසුන් සහ උපදේශකයින් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්ව ශිෂ්‍යාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03