ඉරානයට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරය පිළිබඳව තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මහ ලේකම්වරයා පවසන්නේ මෙය දැනටමත් අද්දර සිටින කලාපයක භයානක උත්සන්න වීමක් සහ ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට සෘජු තර්ජනයක් බවයි.
සිවිල් වැසියන්ට, කලාපයට සහ ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක සමඟ මෙම ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමට ඇති අවදානම වැඩිවෙමින් පවතින බවයි ඔහු අදාළ නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියේ අනෙකුත් නීතිරීති යටතේ ඔවුන්ගේ බැඳීම් ආරක්ෂා කරන ලෙස තමන් සාමාජික රටවලින් ඉල්ලා සිටින බව ද මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.
මෙම භයානක මොහොතේ, මිලිටරි විසඳුමක් නොමැති බවත්, ඉදිරි මාවත රාජ්‍ය තාන්ත්‍රිකභාවය බවත් , එකම බලාපොරොත්තුව සාමය බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.





