ඉරානයට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කනස්සල්ලෙන්

ඉරානයට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරය පිළිබඳව තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මහ ලේකම්වරයා පවසන්නේ මෙය දැනටමත් අද්දර සිටින කලාපයක භයානක උත්සන්න වීමක් සහ ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට සෘජු තර්ජනයක් බවයි.

සිවිල් වැසියන්ට, කලාපයට සහ ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක සමඟ මෙම ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමට ඇති අවදානම වැඩිවෙමින් පවතින බවයි ඔහු අදාළ නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියේ අනෙකුත් නීතිරීති යටතේ ඔවුන්ගේ බැඳීම් ආරක්ෂා කරන ලෙස තමන් සාමාජික රටවලින් ඉල්ලා සිටින බව ද මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.

මෙම භයානක මොහොතේ, මිලිටරි විසඳුමක් නොමැති බවත්, ඉදිරි මාවත රාජ්‍ය තාන්ත්‍රිකභාවය බවත් , එකම බලාපොරොත්තුව සාමය බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06