ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (21) අවසන් වුණා.

තරගයේ පස්වන සහ අවසන් දිනය වන අද දිනට තරගය අවසන් වන විට ලකුණු 296ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 04ක් දැවී ලකුණු 72ක් රැස්කරගෙන සිටියා.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 495ක්.

බංග්ලාදේශ පළමු ඉනිමේ දී ශතක දෙකක් වාර්තා වූ අතර, නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 148ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමු අතර, මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක කඩුලු 03 බැඟින් දවාගත්තා.

අනතුරුව පළමු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 485ක් පළමු ඉනිම වෙනුවෙන් රැස් කළා.

එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 187ක් රැස්කළ අතර, කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් රැස් කිරීමට සමත් වුණා.

සිය අවසන් ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නයීම් හසන් ශ්‍රී ලංකා කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වූ අතර, හසන් මහමුද් කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරව ලකුණු 10ක වාසියක් ද සමඟ දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශය සිය දෙවන ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 285ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක් ලබාදෙමින්.

බංග්ලාදේශ දෙවන ඉනිම වෙනුවෙන් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 125ක් රැස්කළේ මෙම තරගයේ දී දෙවන ශතකය ද වාර්තා කරමින්.

පන්දු යැවීමේ දී තරිඳු රත්නායක බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 296ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 04 කට ලකුණු 74ක් රැස්කරගෙන සිටිය දී තරගය අවසන් කරන්නට විනිසුරුවරුන් තීරණය කළා.

ඒ, අනුව මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස්කළ බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22
Video thumbnail
ඕස්ට්‍රේලියානු ජාතික සිසුන් පිරිසක් ඇවිත් කොලොන්නාවට ෆුල් සුද්දයක් දෙන හැටි
02:31
Video thumbnail
නූතනයේ අප දුටු දොස්තර හොඳ හිත..අවතැන් වූ අපේම මිනිස්සුන්ගේ පිහිටට ආ හැටි,
01:59
Video thumbnail
"බොරු බේගල් කියලා ජනතාව නොමග යවන්න එපා"..මිනිස්සු වෙනුවෙන් රෑ දවල් නොබලා අපි වැඩ කළා
06:17


?