ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (21) අවසන් වුණා.

තරගයේ පස්වන සහ අවසන් දිනය වන අද දිනට තරගය අවසන් වන විට ලකුණු 296ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 04ක් දැවී ලකුණු 72ක් රැස්කරගෙන සිටියා.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 495ක්.

බංග්ලාදේශ පළමු ඉනිමේ දී ශතක දෙකක් වාර්තා වූ අතර, නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 148ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමු අතර, මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක කඩුලු 03 බැඟින් දවාගත්තා.

අනතුරුව පළමු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 485ක් පළමු ඉනිම වෙනුවෙන් රැස් කළා.

එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 187ක් රැස්කළ අතර, කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් රැස් කිරීමට සමත් වුණා.

සිය අවසන් ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නයීම් හසන් ශ්‍රී ලංකා කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වූ අතර, හසන් මහමුද් කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරව ලකුණු 10ක වාසියක් ද සමඟ දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශය සිය දෙවන ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 285ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක් ලබාදෙමින්.

බංග්ලාදේශ දෙවන ඉනිම වෙනුවෙන් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 125ක් රැස්කළේ මෙම තරගයේ දී දෙවන ශතකය ද වාර්තා කරමින්.

පන්දු යැවීමේ දී තරිඳු රත්නායක බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 296ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 04 කට ලකුණු 74ක් රැස්කරගෙන සිටිය දී තරගය අවසන් කරන්නට විනිසුරුවරුන් තීරණය කළා.

ඒ, අනුව මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස්කළ බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42