බේරුවල නගර සභාව පිහිටුවීමට අධිකරණයෙන් වැට බැඳෙයි

අද (19) සවස ආරම්භ කිරීමට නියමිත ව තිබූ බේරුවල නගර සභාවේ ‘සභාව පිහිටුවීම’ තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

බේරුවල නගර සභාව පිහිටුවීම බස්නාහිර පළාත් නාගරික කොමසාරිස් යටතේ පිහිටුවීමට කටයුතු සූදානම් කර තිබුණ ද බේරුවල නගර සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරු හය දෙනාගෙන් හතර දෙනෙකුට ඒ බව දන්වා එවන ලිපිය මේ වන විටත් නොලැබීම හේතුවෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු හතර දෙනා කොළඹ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ එම ලිපි නිසියාකාරව ලබා දී දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන ලෙසයි.

බේරුවල නගර සභා භූමියට පැමිණි ස්වාධීන අපේක්ෂක කණ්ඩායම හා සමගි ජන බලවේගයේ කණ්ඩායම නගර සභා භූමියෙන් ඉවත්ව යන අයුරු දැකගන්නට ලැබුණු අතර අද දින සභා වාරය සහ සභාව පිහිටුවීම නොපැවැත්වෙන බව නාගරික කොමසාරිස්තුමියගේ අත්සනින් යුතුව ලේඛනයක් ද අලවා තිබෙන ආකාරය දැක ගන්නට ලැබුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

බේරුවල නගර සභාව මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ස්වාධීන කණ්ඩායම මන්ත්‍රී ආසන 07ක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුර ආසන 06ක් දිනාගෙන ඇති අතර ජාතික ජන බලවේගය දිනාගෙන ඇත්තේ මන්ත්‍රී ආසන 03ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23