බේරුවල නගර සභාව පිහිටුවීමට අධිකරණයෙන් වැට බැඳෙයි

අද (19) සවස ආරම්භ කිරීමට නියමිත ව තිබූ බේරුවල නගර සභාවේ ‘සභාව පිහිටුවීම’ තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

බේරුවල නගර සභාව පිහිටුවීම බස්නාහිර පළාත් නාගරික කොමසාරිස් යටතේ පිහිටුවීමට කටයුතු සූදානම් කර තිබුණ ද බේරුවල නගර සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරු හය දෙනාගෙන් හතර දෙනෙකුට ඒ බව දන්වා එවන ලිපිය මේ වන විටත් නොලැබීම හේතුවෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු හතර දෙනා කොළඹ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ එම ලිපි නිසියාකාරව ලබා දී දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන ලෙසයි.

බේරුවල නගර සභා භූමියට පැමිණි ස්වාධීන අපේක්ෂක කණ්ඩායම හා සමගි ජන බලවේගයේ කණ්ඩායම නගර සභා භූමියෙන් ඉවත්ව යන අයුරු දැකගන්නට ලැබුණු අතර අද දින සභා වාරය සහ සභාව පිහිටුවීම නොපැවැත්වෙන බව නාගරික කොමසාරිස්තුමියගේ අත්සනින් යුතුව ලේඛනයක් ද අලවා තිබෙන ආකාරය දැක ගන්නට ලැබුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

බේරුවල නගර සභාව මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ස්වාධීන කණ්ඩායම මන්ත්‍රී ආසන 07ක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුර ආසන 06ක් දිනාගෙන ඇති අතර ජාතික ජන බලවේගය දිනාගෙන ඇත්තේ මන්ත්‍රී ආසන 03ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?