ඇහැළියගොඩ – මීන්නාන ප්රදේශයේ දී අද (18) පෙරවරුවේ සිදු වූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
කොළඹ සිට රත්නපුර බලා ගමන් ගත් ලංගම බස් රථයක් සහ රත්නපුර සිට කොළඹ දෙසට ගමන් කළ අඹ පටවා ගත් කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි අප ප්රාදේශීය වාර්තාකරු පැවසුවේ.
මෙම අනතුරින් අනතුරට ලක් වූ රථ දෙකෙහිම රියදුරුවරුන් දෙදෙනාගේ ම පාදවලට බරපතළ හානි සිදු ව ඇති බවත් වාර්තා වනවා.
අනතුරින් තුවාල ලැබූවන් අතර කාන්තාවන් 09 දෙනෙකු ද ඇතුළත්.
ඔවුන් මේ වනවිට ඇහැළියගොඩ රෝහලේ ප්රතිකාර ලබනවා.
ලංගම බස් රථය මීන්නාන ප්රදේශයේ වංගුවක දී තවත් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් ආ කන්ටේනර් රථයේ මුහුණට මුහුණ ගැටුණු බව සිද්ධිය දුටුවන් පොලිසියට පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකයි.















