23 දෙනෙකුව රෝහල්ගත කළ ඇහැළියගොඩ බිහිසුණු අනතුර

ඇහැළියගොඩ – මීන්නාන ප්‍රදේශයේ දී අද (18) පෙරවරුවේ සිදු වූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

කොළඹ සිට රත්නපුර බලා ගමන් ගත් ලංගම බස් රථයක් සහ රත්නපුර සිට කොළඹ දෙසට ගමන් කළ අඹ පටවා ගත් කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරින් අනතුරට ලක් වූ රථ දෙකෙහිම රියදුරුවරුන් දෙදෙනාගේ ම පාදවලට බරපතළ හානි සිදු ව ඇති බවත් වාර්තා වනවා.

අනතුරින් තුවාල ලැබූවන් අතර කාන්තාවන් 09 දෙනෙකු ද ඇතුළත්.

ඔවුන් මේ වනවිට ඇහැළියගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ලංගම බස් රථය මීන්නාන ප්‍රදේශයේ වංගුවක දී තවත් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් ආ කන්ටේනර් රථයේ මුහුණට මුහුණ ගැටුණු බව සිද්ධිය දුටුවන් පොලිසියට පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18