සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද (18) යි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) ඇරඹි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශය පැමිණියා.
ඒ අනුව මුල් පෙළ කඩුලු ත්‍රිත්ත්වයම අඩු ලකුණකට බිඳ වැටුණ ද, ප්‍රවේසම්කාරී ලෙසින් ඉනිම සාර්ථක ව ගොඩනැගීමට නායක නජ්මුල් ෂැන්ටෝ හා මුෂ්ෆිකර් රහීම්ට හැකි වුණා.
ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට ගොඩනැගී ඇති සබඳතාව 247ක්.
ෂැන්ටෝ ඊයේ දිනය අවසන් වන විට නොදැවී ලකුණු 136ක් සහ මුෂ්ෆිකර් නොදැවී ලකුණු 105ක් ඇතැතිව සිටිනවා.
බංග්ලාදේශය තරගයේ පළමු දිනය අවසන් කළේ කඩුලු 03ක් දැවී ලකුණු 292ක් පළමු ඉනිමට රැස් කරගනිමින්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ තරිඳු රත්නායක කඩුලු දෙකක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ දැමුවා.





