බංග්ලාදේශ පළමු ඉනිම ශක්තිමත් කරගැනීමට ලැබෙන දෙවැනි දිනය අදයි

සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද (18) යි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) ඇරඹි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශය පැමිණියා.

ඒ අනුව මුල් පෙළ කඩුලු ත්‍රිත්ත්වයම අඩු ලකුණකට බිඳ වැටුණ ද, ප්‍රවේසම්කාරී ලෙසින් ඉනිම සාර්ථක ව ගොඩනැගීමට නායක නජ්මුල් ෂැන්ටෝ හා මුෂ්ෆිකර් රහීම්ට හැකි වුණා.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට ගොඩනැගී ඇති සබඳතාව 247ක්.

ෂැන්ටෝ ඊයේ දිනය අවසන් වන විට නොදැවී ලකුණු 136ක් සහ මුෂ්ෆිකර් නොදැවී ලකුණු 105ක් ඇතැතිව සිටිනවා.

බංග්ලාදේශය තරගයේ පළමු දිනය අවසන් කළේ කඩුලු 03ක් දැවී ලකුණු 292ක් පළමු ඉනිමට රැස් කරගනිමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ තරිඳු රත්නායක කඩුලු දෙකක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46