ඊශ්‍රායල – ඉරාන ප්‍රශ්නය පිට දමා ට්‍රම්ප් G7 සමුළුවෙන් කලින්ම ඉවත්වෙයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වන ගැටුම හේතුවෙන් එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවෙන් දිනකට කලින් පිටත්ව යන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ, අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අද (17) දිනයේ යුක්‍රේනය සහ මෙක්සිකානු ජනාධිපතිවරුන් සමඟ සැලසුම් කර ඇති රැස්වීම් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර 7 සමුළුවෙන් වේලාසනම පිටත්ව එන ට්‍රම්ප් විසින් තම ජාතික ආරක්ෂක මණ්ඩලයට රැස්වීමට සූදානම් වන ලෙස පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රම්ප්ගේ මෙම හදිසි තීරණයත් සමඟ ඉරාන-ඊශ්‍රායල් ගැටුම පිළිබඳ G7 ප්‍රකාශයට ඔහු අත්සන් නොකරනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අනෙකුත් G7 නායකයින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉල්ලීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මීට පෙර කැනඩාව සත්කාරකත්වය දැරූ 2018 සමුළුවේදී ද ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට G7 සමුළුවෙන් කලින්ම ඉවත ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23