ඊශ්‍රායල – ඉරාන ප්‍රශ්නය පිට දමා ට්‍රම්ප් G7 සමුළුවෙන් කලින්ම ඉවත්වෙයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වන ගැටුම හේතුවෙන් එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවෙන් දිනකට කලින් පිටත්ව යන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ, අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අද (17) දිනයේ යුක්‍රේනය සහ මෙක්සිකානු ජනාධිපතිවරුන් සමඟ සැලසුම් කර ඇති රැස්වීම් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර 7 සමුළුවෙන් වේලාසනම පිටත්ව එන ට්‍රම්ප් විසින් තම ජාතික ආරක්ෂක මණ්ඩලයට රැස්වීමට සූදානම් වන ලෙස පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රම්ප්ගේ මෙම හදිසි තීරණයත් සමඟ ඉරාන-ඊශ්‍රායල් ගැටුම පිළිබඳ G7 ප්‍රකාශයට ඔහු අත්සන් නොකරනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අනෙකුත් G7 නායකයින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉල්ලීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මීට පෙර කැනඩාව සත්කාරකත්වය දැරූ 2018 සමුළුවේදී ද ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට G7 සමුළුවෙන් කලින්ම ඉවත ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?