පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර බෝට්ටුවක් නැවත පැමිණෙමින් සිටිය දී අද (16) උදෑසන පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ දී එම ධීවර බෝට්ටුවේ ධීවරයින් තිදෙනෙක් සිට ඇති බවයි වාර්තා වුණේ.
අනතුර සිදුවීමත් සමඟ අනතුරට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීම සඳහා යාත්‍රා දෙකක් පිටවත්ව ගොස් ඇති අතර, ඔවුන්ට එක් ධීවරයෙන් බේරා ගැනීමට හැකිව තිබෙනවා.
අනෙක් ධීවරයින් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
4
+1
+1















