ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට

අයි.සී.සී.ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

ඒ, ක්‍රිකට් ක්‍රීඩාවේ මහාදෙවොල ලෙස සැලකෙන ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 212ක් රැස් කළා.

එහිදී දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රාබාඩා ඕස්ට්‍රේලියානු පළමු ඉනිම සුනු විසුනු කළේ ලකුණු 51කට කඩුලු 05ක් බිඳ දමමින්.

රාබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ගේ අභියෝගය මැද, බියු වෙබ්ස්ටර් ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 72ක් සහ ස්ටීව් සමිත් ලකුණු 66ක් රැස් කළා.

අනතුරුව පළමු ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පළමු ඉනිමට සියල්ල දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 138ක් පමණයි.

එහිදී දකුණු අප්‍රිකානු වේග පන්දු බලඇණියට නොදෙවෙනි පන්දු යැවීමක් ක්‍රියාත්මක කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්
දකුණු අප්‍රිකානු පළමු ඉනිම බිද දැමීමේ ගෞරවය තමන් සතුකර ගත්තා.

මෙහිදී ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමූ අතර, මිචෙල් ස්ටාර්ක් කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් බෙඩින්හැම් ලකුණු 45ක් රැස්කළා.

අනතුරුව පළමු ඉනිමේ ජයග්‍රහණය ද සමඟ ඕස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 74ක වාසියක් ද සමඟයි.

එහිදී ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 207ක් තුළ දවාගන්නට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් සමත් වුණා.

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් ලකුණු 58ක් රැස්කළ අතර, ඇලෙක්ස් කේරි රැස්කළ ලකුණු සංඛ්‍යාව 43ක්.

කඩුලු දවාගැනීමේ දී කගිසෝ රබාඩා කඩුලු 04ක් බිඳ දැමු අතර ලුන්ගි න්ගිඩි ඕස්ට්‍රේලියා දෙවන ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන්ට හිමි වූ ඉලක්කය ලකුණු 282ක්.

එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානුවන් දෙන ඉනිමේ කඩුලු 05ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් තරගය ජය ගත්තා.

එහිදී ඒඩන් මාක්‍රම් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 136ක් රැස් කළේ සිය ජගත් ටෙස්ට් ක්‍රිකට් දිවියේ වටිනාම ඉනිම ක්‍රීඩා කරමින්.

ඔහුට අනගි සහායක් ලබාදුන් නායක ටෙම්බා බවුමා ලකුණු 66ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ මාවත සකසා දුන්නා.

ඒ, අනුව මෙම තරගය කඩුලු 05කින් ජයගත් දකුණු අප්‍රිකානුවන් අයි.සී.සී. ටෙස්ට් ලෝක ශුරයින් බවට පත් වුණා.

වසර 136ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් ඇති ලොව තෙවන පැරණිම ක්‍රිකට් කණ්ඩායම ලෙස සැලකෙන දකුණු අප්‍රිකාව, සිය ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස ආකෘතින්ගෙන් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසට මෙම ජයග්‍රහණය ඉතිහාසයට එක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43